Sunday, July 24, 2016






නාකොළ අන්දම් පෙණ නොවටින්නේ
බෝ කොළ අන්දම් පෙණය දියන්නේ
පෙණේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමා වෙයන් නයි හාමි.......
සමා වෙයන් නයි හාමි.......
 රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පදරචනය විශාරද ගුණදාස කපුගේ විසින් සංගීතවත් කොට ගායනා කරනවා මේ ගීතය බැලු බැල්මට එතරම් විශේෂක් නොදැනුනත් මේ ගීය සමාජය පිළිබද කෙරෙන විවරනයක් ද කියලා හිතෙනවා මේ පද දකින විට ඔබට මතකයට නැගේවි  නෛඅඩි වන්නම(නයියඩි වන්නම) මතකද ?
බෝකොල අන්දම් පෙනය නගායේ
නාකොළ අන්දම් පෙන හකුලායේ
ලෝතුල රන්දම් සිරිනි දිගායේ
ඒ කුල සතරක් පෙරෙ සිට ආයේ 
ඒත් මේ ගීතයේ කියවෙන්නේ අපුරු මිතුරු කමක් ඒ ගැරඩියෙක් සහ නයෙක් අතර ඉතිං ගැරඩියට පෙනයක් නැහැනේ ඒ නිසා වෙන් ගැරඩියාට විවිධ ගැටළුවලට මුහුණ දෙන්න වෙනවා එක අවස්ථාවක නයි යාළුවාගෙන් ඉල්ලීමක් කරනවා පෙනය දෙන්න කියලා ඒත් මේ ඉල්ලීම කෙහෙ‍ාමද ඉටුකරන්නේ 

දර මිටි බඳිනා කඹය කියා වී
දරණුව හදලා වළඳ තියා වී

කැබිලිති අරගෙන ගැරඩි නටා වී

පෙණය නැතුව අපි අසරණ වේවී‍
ඉතිං පෙනය නැති නිසා මේ ගැරඩි යාළුවට විදින්න වෙන දුක් තමයි මේ 

ඉහින් කනින් විෂ වැගිරෙන ලෝකේ
විෂෙන් උඹේ ඵල නැති වග තේරේ
සුරම්‍ය වූ මේ සර්ප විමානේ
හොඳින් ඉන්න අපටත් සන්තෝසේ

මෙතනදි තමයි පද රචකයා අපුර්වත්වයක් මවන්නේ හැම තැනින්ම විෂ වැගිරෙන ලෝකයේ ඔබගේ විසෙන් ඵලක් නැහැ මේ සර්ප විමානයේ අපටත් සතුටින් ඉන්න දවසක් ඒවි 
මේ තමයි ගිතයේ මතුපිට අරුත
නයිහාමි යනු කවුරුන්ද? පෙනය යනු කුමක්ද? ගැරඩියා යනු කවරෙක්ද? මේ සංකේතයන් විමසීමේදී අපට මේ විවරණය වන්නේ වත්මන් සමාජය යැයි දැනේවි මේ මිතුරුකම ධනවත් සහ නිර්ධන සමාජ තල දෙකක මිතුරන් අතර වුවක් යැයි කිව හැකිය පෙනය යැයි අදහස් වන්නේ ධනය ‍මිළ මුදල් නොවන්නේද ? ගැරඩියා පෙනය නොමැති නියාවෙන් විදින දුක් නිර්ධනින් ධනය නොමැති නිසාවෙන් විදින්නේ නොවේද? ධනය යනු කිසිදා රදා පවතින දෙයක් නොවන්නේය එයින් ඇති ඵලයක් නැත මතු යම් දිනක අපිද මේ සර්ප විමානයේ සතුටින් වසනා දිනයක් ඒවි දුප්පතුන්ගේ පැතුමත් එබන්දක් නොවන්නේද?



Tuesday, July 19, 2016

තණ පත්


















හැමදා ම
හැමෝම
පයින් 
පාග - පාගා
යන
කිසිම දා
කිසිවිටෙක
ඊට එරෙහි
නොවන
කර්කස පොළොව
නිලෙන් බබලවා
සැඩ හිරු රැසින්
දැවී
දියෙන් දිය බත්ව
පොහොර වී
මහ පොළොවට
නැගී සිටින්නට
නිලෙන් සරහා
තණ පතක්
වන්නට 
පතමි 
පැතුමක් 


Tuesday, July 5, 2016

පුංචි පුංචි අසනීප තත්වයන් ඇරෙන්න ලෙඩක් නොතිබුණ අම්මා දවසක් හදිසියේම අසනීප වුණා අසනීපය ක්‍රමයෙන් වැඩිවුණා අවසානයේ විශාල සැත්තමක් කරන්න සිද්ධ වුණා බෝඩිමක හිටිය මම සියළුම දේ පැත්තක තියලා ගෙදර නැවතුණා අපි සහෝදරයෝ තුන්දෙනයි අපි ගෙදර වැඩ කරන විදිහ බලලා අම්මා පුදුම කතාවක් කිව්වා ගැහැණු දරුවෙක් නැති වුණාට මම උඹලට හැමදේම උගන්නලා තියෙන්නේ මම නැතත් තනියම හරි ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහට මේ කතාව මට තදින්ම දැණුනා ඒ කතාව මට දැන් හොදටම පැහැදිළියි අම්මා ලෙඩ ඇදට වැටුනට පස්සේ මගේ හිතට ආව සිතුවිල්ලක් මේ විදිහට පුංචි කොළ කෑල්ලක ලියවිලා තිබුණා 

දිවිය සුවද කල අරලියා මල අද
මිලින වන්නට සැරසෙනා..
මල් සුවද හද තුල හොවා ඔබ
ම,හැර යන්නට
දින ගනිමිනා
කැවු බත් පිඩු, පිදූ සෙනෙහස
අද කොහේදෝ සැගවුනේ....
ගිලන් වී වත වහැරි ගිය
කදුලු පිරි නුබ ගිලුනු නෙත් යුග
කියයි අනියත බව ලොවේ
පැතු පැතුමන්
දිනෙන් දින
ගිලිහි යනමුදු,
පතමි
නුබෙ වී
ලගම හිදුමට
සසර මතු
භවයෙන් භවේ
නුබයි මගෙ අම්මා...........

Sunday, July 3, 2016

දසමාසයක් කුසයේ දරාන....දහ දුක් විදලා....හරි අමාරුවෙන් දරු ගැබ පරිස්සම් කරන්නේ සෙනෙහෙ සිතින්....ආදරයෙන් දිනෙන් දින මෝරන දරුගැබ අම්මා කෙනෙක් ආරක්ෂා කරන්නේ හරියට දෙවත්වයෙන් වගේ බැදීමකින්.....අම්මා කෙනක් වෙනවා කියන්නේ උතුම් දෙයක් උතුම් වු හැඟිමක් මතෘත්තවයට පත්වෙනවා කියන්නේ දරුවෙක්ට මෙළොව එළිය දකින්න ඉඩ දෙනවා කියන්නේ මෙළොව දකින්න නෙත් පාදනවා කියන්නේ කොයිතරම් ආසාවකින්ද.....දරු ගැබ පිලිසිඳ ගත්ත දිනයේ ඉදන් දස මාසයක් අම්මා කෙනෙක් ඒ කළලය කුසයේ දරාගෙන දරුවා බිහිකරන මොහොත කෙත් රඳවගෙන ඉන්නේ හරිම භක්තියකින් ගරුත්වයකින්
තමන්ගෙ ලෙයින් බිහිවන තමන්ගේම ශරිර කොටසට ආදරය කරන්නේ හරිම සෙසෙහෙසිතින්....
ඒත්
කොපමණ සෙහෙ සිතින් අම්මා කෙනෙක් දරුවෙක් වැදුවත් කොච්චර පෝෂ්‍ය දායි ආහාර අරන් දරුවා බිහිවෙන්න කලින් ඉදන් දරුවට ඔනේ පෝෂණය දුන්නත් තම කුසින් දරුවෙක් බිහිකලාට පස්සේ එ් දරුවට නොවිදිනා දුක් දිලා එ් දරුවට උපන් කමත් පාපයක් කරවන අම්මාලත් අපි අතර නැතුවා නොවෙයි
දරුවෙක්ගේ ජිවිතයක් අපායක් කරන්නත් වගේම ජිවය දුන්න අමිමට ඒ දුන් ජිවය පණ පිටින්ම මරලා දන්නත් පුළුවන් එහෙම හැකියාවක්තියෙන එකම කෙනා අම්මා.....ඒ වගේ අම්මා කෙනක් ගැන ඒ කුසින් බිහි වුන දරුවෝ කොපණක් හිතින් දුක්වෙනවා ඇතිද...කාටවත් කියාගන්න බැරිව හිතන් දුකවිදිනවා ඇතිද
හිතන් කොච්චර කඳුළු බොනවා ඇතිද....
උපන් නිසා ජිවය ලද නිසා උපන් කමේ පව තනිවම ගෙවනවා ඇතිද....
උපන් පව්කාර කමට නුපන් අකුසල් හිත් වුනත් උපද්දවා ගන්නවා ඇතිද .....
තමන්ගෙ ලෙයින් බිහිවන තමන්ගේම ශරිර කොටසට ආදරය කරන්නේ හරිම සෙසෙහෙසිතින්....ඒත්කොපමණ සෙහෙ සිතින් අම්මා කෙනෙක් දරුවෙක් වැදුවත් කොච්චර පෝෂ්‍ය දායි ආහාර අරන් දරුවා බිහිවෙන්න කලින් ඉදන් දරුවට ඔනේ පෝෂණය දුන්නත් තම කුසින් දරුවෙක් බිහිකලාට පස්සේ එ් දරුවට නොවිදිනා දුක් දිලා එ් දරුවට උපන් කමත් පාපයක් කරවන අම්මාලත් අපි අතර නැතුවා නොවෙයිදරුවෙක්ගේ ජිවිතයක් අපායක් කරන්නත් වගේම ජිවය දුන්න අමිමට ඒ දුන් ජිවය පණ පිටින්ම මරලා දන්නත් පුළුවන් එහෙම හැකියාවක්තියෙන එකම කෙනා අම්මා.....ඒ වගේ අම්මා කෙනක් ගැන ඒ කුසින් බිහි වුන දරුවෝ කොපණක් හිතින් දුක්වෙනවා ඇතිද...කාටවත් කියාගන්න බැරිව හිතන් දුකවිදිනවා ඇතිදහිතන් කොච්චර කඳුළු බොනවා ඇතිද....උපන් නිසා ජිවය ලද නිසා උපන් කමේ පව තනිවම ගෙවනවා ඇතිද....උපන් පව්කාර කමට නුපන් අකුසල් හිත් වුනත් උපද්දවා ගන්නවා ඇතිද .....තමන්ගෙ ලෙයින් බිහිවන තමන්ගේම ශරිර කොටසට ආදරය කරන්නේ හරිම සෙසෙහෙසිතින්....ඒත්කොපමණ සෙහෙ සිතින් අම්මා කෙනෙක් දරුවෙක් වැදුවත් කොච්චර පෝෂ්‍ය දායි ආහාර අරන් දරුවා බිහිවෙන්න කලින් ඉදන් දරුවට ඔනේ පෝෂණය දුන්නත් තම කුසින් දරුවෙක් බිහිකලාට පස්සේ එ් දරුවට නොවිදිනා දුක් දිලා එ් දරුවට උපන් කමත් පාපයක් කරවන අම්මාලත් අපි අතර නැතුවා නොවෙයිදරුවෙක්ගේ ජිවිතයක් අපායක් කරන්නත් වගේම ජිවය දුන්න අමිමට ඒ දුන් ජිවය පණ පිටින්ම මරලා දන්නත් පුළුවන් එහෙම හැකියාවක්තියෙන එකම කෙනා අම්මා.....ඒ වගේ අම්මා කෙනක් ගැන ඒ කුසින් බිහි වුන දරුවෝ කොපණක් හිතින් දුක්වෙනවා ඇතිද...කාටවත් කියාගන්න බැරිව හිතන් දුකවිදිනවා ඇතිදහිතන් කොච්චර කඳුළු බොනවා ඇතිද....උපන් නිසා ජිවය ලද නිසා උපන් කමේ පව තනිවම ගෙවනවා ඇතිද....උපන් පව්කාර කමට නුපන් අකුසල් හිත් වුනත් උපද්දවා ගන්නවා ඇතිද .....

මුතු මුතු කඳුළු මිණි දෙනෙතින් ඇදවැටෙනා..
.රන් කිරි සිනා නිල් මුවගින් ගිලිහෙන්නා
මල් මුතු හින හැම රෑයකම පර වෙන්නා
දිවියේ අරුත සෙනෙහස කිම නොදැනෙන්නා

සිගමන් යදිමි දෝ නුඹේ සෙනෙහස ඉල්ලාන
නොලැබෙන නිසාදෝ හිත දුක ගොඩගලාන
රන්වන් සිනා කැන් මුවගින් පැන ගියාන
දිනයක් උදාවේදෝ සිහිනෙන් හෝ හිනැහෙන්න

මේ ලොව එලිය බැලුවේ අම්මේ නුඹ හන්දා
ඇස් වල දිස්නේ ලැබුනේ ඒ සෙනෙහෙස හන්දා
දිවියට බර නොවී මා දිවිගෙවුවේ ඔය හිත හන්දා
නුඹේ සෙනෙහෙ ලැබුනිනම් මම අද ලොව රජවෙන්නා

අසරණ හිත පතුලෙ දුක සඟවනවා
නොකියෙන වදන් හිත තව අඩවනවා
නොලැබෙන සෙනෙහෙ ලඟ දුක් ගි මිමි‍ණ‍ෙනවා
මව් සෙනෙහසට අද සිඟමන් යනවා

මට හිතුන විදිහ මම අහංකාරයා