නාකොළ අන්දම් පෙණ නොවටින්නේ
බෝ කොළ අන්දම් පෙණය දියන්නේ
පෙණේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමා වෙයන් නයි හාමි.......
සමා වෙයන් නයි හාමි.......
පෙණේ නැතිව අපි කොහොමද ඉන්නේ
සමා වෙයන් නයි හාමි.......
සමා වෙයන් නයි හාමි.......
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පදරචනය විශාරද ගුණදාස කපුගේ විසින් සංගීතවත් කොට ගායනා කරනවා මේ ගීතය බැලු බැල්මට එතරම් විශේෂක් නොදැනුනත් මේ ගීය සමාජය පිළිබද කෙරෙන විවරනයක් ද කියලා හිතෙනවා මේ පද දකින විට ඔබට මතකයට නැගේවි නෛඅඩි වන්නම(නයියඩි වන්නම) මතකද ?
බෝකොල අන්දම් පෙනය නගායේ
නාකොළ අන්දම් පෙන හකුලායේ
ලෝතුල රන්දම් සිරිනි දිගායේ
ඒ කුල සතරක් පෙරෙ සිට ආයේ
ඒත් මේ ගීතයේ කියවෙන්නේ අපුරු මිතුරු කමක් ඒ ගැරඩියෙක් සහ නයෙක් අතර ඉතිං ගැරඩියට පෙනයක් නැහැනේ ඒ නිසා වෙන් ගැරඩියාට විවිධ ගැටළුවලට මුහුණ දෙන්න වෙනවා එක අවස්ථාවක නයි යාළුවාගෙන් ඉල්ලීමක් කරනවා පෙනය දෙන්න කියලා ඒත් මේ ඉල්ලීම කෙහොමද ඉටුකරන්නේ
දර මිටි බඳිනා කඹය කියා වී
දරණුව හදලා වළඳ තියා වී
කැබිලිති අරගෙන ගැරඩි නටා වී
පෙණය නැතුව අපි අසරණ වේවී
ඉතිං පෙනය නැති නිසා මේ ගැරඩි යාළුවට විදින්න වෙන දුක් තමයි මේ
ඉහින් කනින් විෂ වැගිරෙන ලෝකේ
විෂෙන් උඹේ ඵල නැති වග තේරේ
සුරම්‍ය වූ මේ සර්ප විමානේ
හොඳින් ඉන්න අපටත් සන්තෝසේ
විෂෙන් උඹේ ඵල නැති වග තේරේ
සුරම්‍ය වූ මේ සර්ප විමානේ
හොඳින් ඉන්න අපටත් සන්තෝසේ
මෙතනදි තමයි පද රචකයා අපුර්වත්වයක් මවන්නේ හැම තැනින්ම විෂ වැගිරෙන ලෝකයේ ඔබගේ විසෙන් ඵලක් නැහැ මේ සර්ප විමානයේ අපටත් සතුටින් ඉන්න දවසක් ඒවි
මේ තමයි ගිතයේ මතුපිට අරුත
නයිහාමි යනු කවුරුන්ද? පෙනය යනු කුමක්ද? ගැරඩියා යනු කවරෙක්ද? මේ සංකේතයන් විමසීමේදී අපට මේ විවරණය වන්නේ වත්මන් සමාජය යැයි දැනේවි මේ මිතුරුකම ධනවත් සහ නිර්ධන සමාජ තල දෙකක මිතුරන් අතර වුවක් යැයි කිව හැකිය පෙනය යැයි අදහස් වන්නේ ධනය මිළ මුදල් නොවන්නේද ? ගැරඩියා පෙනය නොමැති නියාවෙන් විදින දුක් නිර්ධනින් ධනය නොමැති නිසාවෙන් විදින්නේ නොවේද? ධනය යනු කිසිදා රදා පවතින දෙයක් නොවන්නේය එයින් ඇති ඵලයක් නැත මතු යම් දිනක අපිද මේ සර්ප විමානයේ සතුටින් වසනා දිනයක් ඒවි දුප්පතුන්ගේ පැතුමත් එබන්දක් නොවන්නේද?
No comments:
Post a Comment